කැලණිවැලි මාර්ගයට තවත් දුම්රියක් එක්වෙයි

ජූනි 15, 2022

    කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනයට අද නව සීඝ්‍රගාමී දුම්රියක් එක් කෙරිණ.

    ඒ පවතින අධික තදබදයට විසඳුමක් ලෙසයි. උදේ 6.20ට 'වග' දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන එම දුම්රිය පෙරවරු 8.12ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගා වෙයි. පස්වරු 4.00ට එම දුම්රිය කොළඹ කොටුවේ සිට 'වග' දක්වා ආපසු ගමන් කිරීමට නියමිතයි.

    නව දුම්රියක් ධාවනයට එක් කිරීම පිළිබඳ ජනතාව සිය ප්‍රසාදය පළ කළේය.

    Latest News