අගමැතිගේ ග්‍රහයෝගය සිකුරු ලැබු වෙල්ගමගෙන්

දෙසැ 03, 2018

    නඩු තින්දුව ලැබෙන තෙක් මෙම ආණ්ඩුව වැට්ටවිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

    ඉදිරි ක්‍රියා මාර්ග ගැන හිතන්නෙත් නඩු තින්දුවෙන් පසුව බව බදුල්ලේ පැවැති පොදුජන පෙරමුණේ පාක්ෂික හමුවේදි තවදුරටත් ඔහු කියා සිටියේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා - “දැන් කණ්ඩායමක් ඉන්නවා නිතරම ඇවිත් වැරදි අදහස් එතුමාට දෙනවා .
    හරිම කලබලයෙන් ඇවිත් අරක කරන්න මේක කරන්න කියලා කියනවා . මට පේන්නේ මේ ඔක්කොම කටයුතු කරන්නේ මහින්ද මහත්තයාගේ ජනප්‍රියත්වට ගහන්න. මොකද මහින්ද මහත්තයා තරම් ජනප්‍රිය මිනිහෙක් ලංකාවෙත් නැහැ, ලෝකයෙත් නැහැ කියල මට හිතෙනවා. ඉන්නව නම් ඉන්නේ රුසියාවේ පුටින් විතරමයි. ඒ නිසා මහින්ද මහත්තයාගේ ජනප්‍රියත්වය බස්සන්න සමර අය උගුල් ඇටෙව්වාද කියන සැකය මතුවෙලා තියෙනවා යැයි ඔහු කියා සිටියි.

    එහිදි වෙල්ගම මහතා මෙසේද කීවේය “හම්බන්තොට වරාය, චීනුන්ට විකුණනවාට අපි විරුද්ධ උනාම එදා ඒ ආණ්ඩුවේ ඇමතිවරයා කිව්වා නැහැ. මම මේක මේකට අත්සන් කරන්නේ නැහැ කියල. ඒ ඇමතිවරයා ලංකාවට ලොකු ගෞරවයක් ලබාදීපු ලෝකපූජිත ක්‍රීඩකයෙක්. එයා මේ ගිවිසුමට අත්සන් කරන්න බැහැ කියල කිව්වම එයා එම ඇමති කමින් ඉවත්කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් දාලා ඒ ගිවිසුම අත්සන් කළා. ඒ විතරක් නොවෙයි ඒ සදහා වූ චෙක්පත රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ක එකතුවෙලා මාධ්‍යයෙන් පෙන්නුවා. ඒ පෙන්නපු ඇමතිවරයාත් එක්ක වෙල්ගමට ගිහිල්ලා එකට වාඩිවෙන්න පුථවන්ද? කියල මම තමුන්නාන්සේලාගෙන් අහනවා. අපේ අනාගත පරපුරට රටක් ඉතිරි කරන්න ඕන. දේශපාලනය කියල අපට රට අමතක කරන්න බැහැ. රට තමයි එක. මහින්ද රාජපක්ෂ මහත්තයා අහස් යාත්‍රාවෙන් බැහැලා මේ පොළව ඉඹල කිව්වා පළමුවත් රට, දෙවනුවත් රට, තුනත් රට කියලා. රට තමයි එක. රටේ ඊලග පරම්පාරවට බොරු ගහන්න අපිට බැහැ. මත්තල ගුවන්තොටුපල විකුනන්න ගිවිසුම් අත්සන්කලේ නැද්ද? අත්සන් කළා තාම ක්‍රියාත්මක උනේ නැහැ. නමුත් අත්සන් කළා, මේකයි ඇත්ත. මේවගේ අය එක්කද රට ගෙනියන්නේ. අන්න ඒවා ඔලුවට ආ නිසා තමයි මම කිව්වේ ඇමතිකම් ගන්නේ නැහැ කියල. හැබැයි මං පොහොට්ටුවේ සලකුන යටතේ මහින්ද මහත්තයට සලකල මගේ ජන්දය දෙනවා. ඒවිතරක් නොවෙයි තුනෙන් දෙකටත් මගේ ජන්දය දෙනවා. හැබැයි මම කිසිම තනතුරක් ගන්නේ නැහැ. සමහර අය වරදවා තේරුම් ගත්තත් මම ඉදිරිය බලලයි“ කතා කරන්නේ යැයි ඔහු කියා සිටියේ.

    ඡන්දයකින් ආණ්ඩු බලය ගන්නා හැටිත් ඔහු එහිදි පැහැදිලි කලේය. “ එහෙම නැතිනම් තව අවුරුද්දකට අඩු කාලයක් ඉවසාගෙන හිටියා නම් පළාත් සභා මැතිවරණයෙන් හෝ ජනාධිපතිවරණයෙන් හෝ ඕනෑම මැතිවරණයකින් අපට තුනෙන් දෙකක ජයග්‍රහණයක් ගන්න තිබුණා. තමුන්නාන්සේලා දන්නවා ජයග්‍රහණය අත ලග පෙනි පෙනී තිබ්බා කියන කාරණය. ඒ කෙසේ වෙතත් මහින්ද මහත්තයා කියන එකෙත් අරුතක් තියෙනවා. අපි හැමදාම ජනතාවට කිව්වා අපි ආණ්ඩුව ගන්නවා කියල නමුත් ගන්න බැරිඋනා. පෝය එකයි පෝය දෙකයි කිව්වා. අනේ එක තමයි එතුමා කිව්වේ තව ටිකක් බල බලා හිටියොත් මුන් ආණ්ඩුවේ ඉදන් ඉතුරු ටිකත් විකුනනවා කියල.
    ඒ නිසා අපි ඉක්මන් වෙන්න ඕන කියල පැහැදිලි කලාට පස්සේ මමත් ඒක තේරුම් අරගෙන තමයි කිව්වේ මම ස්වාධිනව ඉදගන්නේ නැහැ ආණ්ඩු පක්ෂයේ ඉදගන්නවා කියලා නැතිනම් මම ස්වාධිනව ඉදගන්නයි හිතාගෙන හිටියේ. මම මැරෙනකල් තමුන්නාන්සේගේ ජීවිතය තියෙන කල් මහින්ද මහත්තය මගේ සහයෝගය සම්මුතිය දෙනවා කියලත් කිව්වා. ඒනිසා මම කියන දේවල් වැරදි විදියට තේරුම් අරන් මඩ ගහන්න එපා .

    අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය සහ ඔහුට රට තුළ කිරිමට හැකි දේ පිළිබඳව කර සිටියේය. “ මට පේන්නේ මේ ඔක්කොම කටයුතු කරන්නේ මහින්ද මහත්තයාගේ ජනප්‍රියත්වට ගහන්න. මොකද මහින්ද මහත්තයා තරම් ජනප්‍රිය මිනිහෙක් ලංකාවෙත් නැහැ ලෝකයෙත් නැහැ කියල මට හිතෙනවා.

    ඉන්නව නම් ඉන්නේ රුසියාවේ පුටින් විතරමයි. ඒනිසා මහින්ද මහත්තයාගේ ජනප්‍රියත්වය බස්සන්න සමහර අය උගුල්ඇටෙව්වාද කියන සැකය මතුවෙලා තියෙනවා තමුන්නාන්සේලා දන්නවා කොහෙන්ද මේක උනේ කියන එක.
    අපි කලබල වෙන්න ඕන නැහැ මහින්ද මහත්යාගේ කේන්දරේ තවමත් හරිම බලවත්. එතුමාට රාජ යෝගය මැරෙන කල් නළලේ කොටල තියෙනවා. මගේ කොටල තියන්නේ සිකුරු යෝගයයි. උගුල් ඇටෙව්වට එතුමාගේ රාජයෝගය වට්ටන්න බැහැ. නඩු තීන්දුව එනකල් මේ ආණ්ඩුව වැටෙන්නේ නැහැ. නඩු තීන්දුවෙන් පස්සේ අපි තීරනයක් ගමු. අපි ආණ්ඩුවේ හිටියත් එකයි. විපක්ෂයේ සිටියත් එකයි මොකද අපි අවුරුදු 4 ක් ම විපක්ෂයේ හිටියා.

    ඒ අවුරුදු 4 දි ඔය අලුත් කණ්ඩායම එන්න ඉස්සෙල්ලා අපි මහින්ද මහත්තයාගේ ඇගේ මදුරුවෙක් වහන්න දුන්නේ නැහැ. අපි 54 දෙනා එතුමා ඇහැක් වගේ ආරක්ෂා කළා. තමුන්නාන්සේලා දන්නවා එච් ආර්.ජෝතිපාල කියන ගායකයා.
    ජෝතිපාල ගේ කටහඩ කාටවත් අනුකරන ය කරන්න බැහැ. මමත් උත්සාහ කරනවා මටත් බැහැ කාටවත් බැහැ.

    අද ඔක්කොම ටජ්මහලක් කියන්න හදනවා, දිය කිදුරියසේ කියන්න හදනවා. ජෝතිපාල වගේ කියන්න කාටවත් බැහැ. තව අවුරුදු පන්සීයකට ජෝතිපාල කෙනෙක් ලංකාවේ උපදින්නේ නැහැ. ඒ වගේම තමයි මේ රටේ රාජ්‍ය නායකයා හැටියට මහින්ද රාජපක්ෂ වගේ උත්තමයෙක් තවත් අවුරුදු පන්සීයකට ලංකාවේ උපදින්නේ නැහැ. ඒක සක්සුදක්සේ මම කියනවා. අන්න ඒ නිසා තමයි අපි එතුමා ආරක්ෂා කළ යුත්තේ. 19 වැනි සංශෝධනයෙන් මගේ බලතල ඔක්කොම ඉවරයි කිව්වාට ජනාධිපති බලතල නෑ රූකඩයක් කිව්වට මංගාව තිබ්බ සේරම දුන්නා කිව්වට දැන් මට බලයක් නැහැ කිව්වට දැන් දැක්කද ජනාධිපතිතුමාට තියෙන විධායක බලතල පේනවා නේ ඒ බලතල එහෙම ඉවත්කරන්න බැහැ. ඒ බලතල තවමත් තියෙනවා. අපිත් අන්න ඒවගේ බලතල තියෙන ජනාධිපතිවරයෙක් ලෙසට මහින්ද රාජපක්ෂ මහතා යළිත් පත්කරමු. අනෙක් පක්ෂවල කිසි කෙනෙක් එතුමාගේ කිට්ටුවටවත් තියන්න බැහැ. සිරිසේන තියන්න පුථවන්ද? රනිල් වික්‍රමසිංහ පුථවන්ද ? බැහැනේ. තව නම් කොච්චර කිව්වත් බැහැ. මහින්ද මහත්තය හැම අතින්ම පෙන්වලා තියෙනවා. එතුමාගේ ගෞරවනීය බව, ගාම්බීරත්වය හා ශ්‍රේෂ්ඨත්වය අන්න ඒ නිසා අප එතුමා ආරක්ෂා කළ යුතුයි. එතුමා මේ රටේ අගමැති කරල සෑහිමකට පත්වෙන්න පුථවන්ද, මුළු රටම ඉල්ලන්නේ එතුමාව. අපි එතුමා පත්කල යුත්තේ අගමැති කමට නොවෙයි ජනාධිපති වරයාට හැටියටයි එතකොට අපි කාටත් හුස්මගන්න පුළුවන් යැයිද වෙල්ගම මහතා පැවසීය.

    Last modified on සදුදා, 03 දෙසැම්බර් 2018 17:23

    Latest News