වෙලාවල් වෙන් කිරිමට බැරි තරමේ ආයෝජන ඉල්ලීම් - ඇමති අමරවී

දෙසැ 01, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කෘෂි ආර්ථිකයක් කරා නැවත රට ගෙන යන බවත් ධීවර කර්මාන්ත ශක්තිමත් කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඒ සඳහා ඔබ සූදානම් වෙන ලෙසත් නිෂ්පාදන විකුණා ගැනීමේ සහතිකය ආදායම් වැඩි කර ගැනීමේ සහතිකය ආණ්ඩුව ලබා දෙන බවත් ඔහු කියා සිටියේය. මුල්කිරිගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමරවීර මහතා මේ බව පැවසීය.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා......

    ගමිරිස් තියෙන කාලෙට පිටරටින් භාණ්ඩ ගම්බිරිස් ගේනවා, අපේ කුරුදු ටිකට අපේ තේ, තේ කොළවලට වෙළෙඳපොළ සොයා ගත්තේ නෑ. තිබෙන වෙළඳ පොලත් නැති කර ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් ඒ යුගය නිමා කරනවා. මේ රටට බාල තේ කුඩු ගේන එක, ගම්මිරිස් ගෙන එක සම්පූර්ණයෙන්ම නතර කරලා අතීතයේ ජාත්‍යන්තරේ අපිට හිමි වී තිබූ කීර්තිමත් වෙළෙඳපොළ යළි ඇති කළ යුගය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යුගය බවට පත්කරන්නේ යැයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    විදේශවල හිටපු ආයෝජකයෝ දැන් අපේ රටට එන්න පටන් අරන්. අපේ රටේ කොටස් වෙළද පොලේ වාර්තාගත වැඩි වීමක් දැනට වාර්තා වෙලා තියෙනවා. ඒක රටේ අනාගතයට හොඳ පෙර නිමිත්තක. රටක දියුණු වීමේ ප්‍රධාන ලක්ෂණයක් රටින් විදේශීය ආයෝජකයෝ එන්න පටන් අරං තියෙනවා. අපිට වෙලාවල් දෙන්න බැරි තරමට ඉල්ලීම් තියෙනවා.

    පිටරටින් ව්‍යාපෘති ආරම්භ කරන්න අවම අත්‍යංශවල තිබුන එක එක සෙල්ලම්, ඉස්සෙල්ලාම ඇමතිවරයාට ඇඩ්වාන්ස් එකක් දෙන්න ඕන, එක්කෝ රට එක් යන්න ඕන, ඒ යුගය අපි අවසාන කරනවා ගෝඨාභය රාජපක්ෂ මහතාතාත්, මහින්ද රාජපක්ෂ මහතාගෙත් මේ ආණ්ඩු කාල පරාසය තුළ. රට දියුණු කරන්නට විදේශවලින් අපේ රටට එන ආයෝජකයින් කරදරයක් විදියට සලකපු නිලධාරිනුත් හිටියා ඒ අයට සන්තෝෂම් දුන්නොත් විතරයි විදේශීය ආයෝජකයන්ට උදව් කළේ, එම නිලධාරීන් පිළිබඳව අපේ රජය තදින් ක්‍රියා කරනවා යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

     

    Latest News