සාංචි චේතියගිරි විහාරස්ථානයේ අග්‍රශාවක ධාතු ප්‍රදර්ශනය (විඩියෝ)

දෙසැ 01, 2019
  • ඉන්දීය, සාංචි චේතියගිරි විහාරස්ථානයේ අග්‍රශාවක ධාතු ප්‍රදර්ශනය සහ මහා බෝධි මහෝත්සවය පසුගියදා පැවැත්විණ.

    ශ්‍රී ලංකා මහාබෝධි සංගමය, ඉන්දියානු මධ්‍යම රජය හා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුව මෙය සංවිධාන කළේය. වියට්නාමයේ බෞද්ධ භික්‍ෂූන් හා භික්‍ෂුණීන් වහන්සේ ඇතුළු සැදැහැවතුන්, ඉන්දීය භික්‍ෂූන් හා බෞද්ධයින් ලක්‍ෂ හතරකට අධික පිරිසක් ඊට එක්වූහ. වාර්ෂිකව පැවැත්වෙන මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විදෙස් රටවලින් ද සැදැහැවතුන් එක්වූහ. මෙතෙක් සාංචි මේලා ලෙස නම් කොට තිබූ මෙම උත්සවය ඉන්දීය මධ්‍යම රජයේ විශේෂ යෝජනාවක් ලෙස මහාබෝධි මහෝත්සවය ලෙස නම් කෙරිණ.

    සාංචි චේතියගිරි විහාරයේ භූගර්භයේ විශේෂ කුටියේ තැන්පත් කර ඇති අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ පිටතට වැඩමවා සැදැහැවතුන්ට ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබිණ. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ඉන්දීය මධ්‍යම රජයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍ය ප්‍රභාල්ද් සිං පටෙල් මහතායි. මෙම ආගමික උත්සවය සඳහා පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් ලබාදුන් බව, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් පැවසූහ. ආගමික උත්සවය අවසන් වීමෙන් අනතුරුව විදුලි ආලෝකකරණ හා සංස්කෘතික උත්සවයක් ද සංවිධාන කර තිබිණ.

    Last modified on ඉරිදා, 01 දෙසැම්බර් 2019 18:37

    Latest News