ජනපති දින 10කදි රට වෙනුවෙන් ගත් තිරන

දෙසැ 01, 2019

    වැදගත් තීන්දු තීරණ රැසක් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව ගත වු දින 10 තුළ ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    එම තීන්දු තීරණවලට ඉහළ ජනතා ප්‍රසාදයක් හිමිව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

    ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග අනයනය නතර කිරීම, සියයට 15ක් වු වැට් බද්ද සියයට 8ක් දක්වා පහත හෙළීම, දුරකථන ගාස්තු මස අය කර තිබු බද්ද සියයට 25කින් අඩු කිරීම, රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේ දී විද්වත් කමිටුවකින් නිර්දේශ ලබා ගැනීම එම තීන්දු තීරණ අතරට අයත් වේ.

    රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය, භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කිරීම, පරිසරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති ක්ෂණික වැඩපිළිවෙල, ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වගකීම හමුදාව වෙත ඉලක්ක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණ.

    සිංහල ඡන්ද පදනම පිළිබද විශ්වාසය පල කිරීම සහ එම ඡන්ද පදනමට දායකවී රට ගොඩනැගීමට අනෙකුත් සියලු ජාතිකයින්ට ආරාධනා කිරීම ඉන්දියාව, චීනය ඇතුළු ලොව බලවත් රාජ්‍යන්ට ආයෝජන සිදුකිරීම සදහා ආරාධනා කිරීම, තිරිගු පිටි ඒකාධිකාරය හරහා ජනතාව පත්ව සිටි අපහසුතාවයෙන් මුදාගැනීමට සෙසු ආනයනකරුවන්ට ද තිරිගු පිටි ගෙන්වීමට ඉඩප්‍රස්ථාව සැලසීම එලෙස ගනු ලැබු තවත් තීරණ කිහිපයක්වේ. ජනාධිපති කාර්යයමණ්ඩලය, පරිවාර රථ සීමා කරමින් සිය නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරා ගැනීමටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගැනීමත් ඒ අතර ප්‍රධාන වේ.

     

    Latest News