දිවයිනේ ප්‍රදේශ කිහිපයක නායයාම්

දෙසැ 01, 2019

    අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක නායයාම් සිදුවීමෙන් නිවාස රැසකට දැඩි හානි පැමිණ තිබේ.

    මේ හේතුවෙන් පුද්ගලයන් රැසක් පීඩාවට පත්ව ඇත. බණ්ඩාරවෙල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ද අධික වර්ෂාවෙන් නායයාම් සිදුව තිබේ. බණ්ඩාරවෙල ප්‍රධාන කෝවිල ආසන්නයේ නිවසක් මතට ඊට ඉහළින් ඇති නිවසක පස් බැම්මක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. මේ අතර බණ්ඩාරවෙල-හපුතලේ ඉහළ මාර්ගයේ ඇල්ලතොට ප්‍රදේශයේ දී එම මාර්ගයේ ගමන්ගත් ලොරියක් මතට ගසක් සහ පස් කන්දක් කඩා වැටීමෙන් එම රථයට දැඩි හානි සිදුවිය. එම මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

    බදුල්ල, දඹවින්න-මද්දාවල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවසට දැඩි හානි සිදුවිය. එම අවස්ථාවේ නිවසේ සිටි දින 20ක් වයසැති දරුවාට කිසිදු හානියක් සිදුවී නොමැත. එම ප්‍රදේශයේ තවත් නිවාස කිහිපයකටම පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතී.

    Side px 900 01 12 19

    හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පූනාගල අම්පිටිකන්ද ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් නිවසක් විනාශවීමේ අවදානමක් මතුව තිබේ. දැඩි නායයාමේ අවදානමක් මතුවීම හේතුවෙන් එම වතුයායේ පදිංචි පවුල් 28ක සාමාජිකයන් 91 දෙනෙකු එම නිවාසවලින් ඉවත් කර ඇතැයි හල්දුම්මුල්ල ආපදා කළමණාකර ඒකකය පවසයි. ඔවුන් මේ වනවිට පූනාගල මහකන්ද තේ කර්මාන්ත ශාලාවේ තාවකාලිකව ස්ථාන ගතකර තිබේ.

    බදුල්ල-පස්සර ඒ-5 මාර්ගයේ යූරි ප්‍රදේශයේ නමුණුකුල කඳු පාමුල සිදුවූ නායයාමකින් එම මාර්ගයේ මීටර් 500ක් පමණ දුරට පස් සහ ගල්වලින් වැසී තිබේ. ඉන් එම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ආණහිට තිබේ. වාහන ගමනා ගමනය සඳහා විකල්ප මාර්ගයක් ලෙස පස්සර-නමුණුකුලඇල්ල හරහා මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. නමුණුකුල කන්දට පතිතවන ජලය බැසයාමත් සමඟම යූරි ප්‍රදේශයේ නායයාම් සිදුවන බව වාර්තාවේ.

    Latest News