ශ්‍රී ලංකාව, මවගෙන් දරුවාට HIV හා උපදංශය අසාධනය තුරන් කළ රටක්

නොවැ 30, 2019

    ශ්‍රී ලංකාව, මවගෙන් දරුවාට එච්අයිවී හා උපදංශය අසාධනය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සහතික කර ඇති බව, විශේෂ වෛද්‍ය ලිලානි රාජපක්‍ෂ මහත්මිය පැවසුවාය.

    ඇය සඳහන් කළේ, මෛ සහතිකය ලත් ආසියානු පැසිපික් කලාපයේ තෙවැනි රට ශ්‍රී ලංකාව බවයි. ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික ලිංගාශ්‍රිත රෝගහා ඒඩ්ස් මර්දනය වැඩසටහන එක්ව දැනුවත් කිරීමේ පාගමනක් සංවිධාන කර තිබිණ. කොළඹ කැම්බල්පිටියෙන් ආරම්භ වූ පා ගමන අවසන් කෙරුණේ කොළඹ මහ නගර සභා පරිශ්‍ර යෙන්. ලෝක සෞඛ්‍ය සංවිධානය, පවුල් සංවිධාන සංගමය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් ඊට සම්බන්ධ වූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය.

    විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ මහතා...

    “ඒ වසංගතය පටන්ගත්තු මුල් කාලයේ ඉඳලා අඩු තරමින් 3507 දෙනෙක් අපි හොයාගෙන තියෙනවා ආසාදිත මට්ටමේ. නමුත් අපේ ඇස්තමේන්තුව තියෙනවා 3500ක්. HIV සමඟ ජීවත් වෙනවා කියලා. පළමු පියවර ආසාදිත පිරිසෙන් 90%ක් හඳුනා ගැනීම. කොහොමද ඒගොල්ලෝ හඳුනා ගන්නේ. හඳුනගන්න එකම එක ක්‍රමයයි තියෙන්නේ ඒක තමයි HIV රුධිර පරීක්‍ෂණය. HIV රුධිර පරීක්‍ෂණය සේවාවන් පුළුල් කරලා, ව්‍යාප්ත කරලා ඒ වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන එක අද අපේ තියෙන ප්‍රමුඛතාවක්.“ යැයි විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය.

    විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්‍ෂ මහත්මිය...

    “ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාව මවගෙන් දරුවාට HIV හෝ උපදංශ තුරන් කළ රටක් ලෙස සහතික කර ඇති බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටින්නේ සතුටින් සහ ආඩම්බරයෙන්. සේවාවන් මගින් පසුගිය අවුරුදු පහ ඇතුළත මවගෙන් දරුවාට HIV හෝ උපදංශ පැතිරීම සම්පූර්ණයෙන් තුරන් කළා. මෙවර ඒඩ්ස් දින තේමාව ප්‍රජාවගේ දායකත්වයෙන් HIV පාලනය යන්නයි. අප එය එක්ව සිතමු-වෙනසක් කරමු-ඒඩ්ස් දුරලමු යන තේමා පාඨයෙන් අදහස් කරනවා. අපේ ඊළඟ ඉලක්කය 2020. 2020 දී HIV ආසාධිත පුද්ගලයින්ගෙන් 90%ක් සොයාගෙන ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරිම අද අපිට ඇති අභියෝගයයි. ඒ මගින් අපගේ අවසාන ඉලක්කයට අපි ළඟාවෙමු. එය 2025දී ශ්‍රී ලංකාවේ ඒඩ්ස් තුරන් කිරීම යයි විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්‍ෂ මහත්මිය පැවසුවාය.

    Last modified on ඉරිදා, 01 දෙසැම්බර් 2019 10:17

    Latest News