ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ සිද්ධියට ජනපතිගේ පෞද්ගලික අවධානය අවශ්‍ය - පා.ම. සජිත්

නොවැ 30, 2019

    ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාමේ සිදුවීම මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරන බවත්, එය ජාත්‍යන්තරව බලවත් අප්‍රසාදයක් රට කෙරෙහි ඇති කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කියා සිටි.

    බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව තම ව්‍යවස්ථානුකූල අයිතිය උපයෝගි කරගෙන නව පාලනයක් ස්ථාපිත කරගනු ලැබ ඇති බවත් එමගින් ජනතාවම බලාපොරොත්තු වූයේ සාමකාමී, නිදහස්, පාලනයක් බව ඔහු පෙන්වා දේ.

    නව රජයක් බලයට පත්වූ සැනින්, එම ආණ්ඩුව විවේචනය කිරීම සාධාරණ නොවන බවත්, ඔවුනට සිය ජනවරමට අදාළ කටයුතු කරගෙන යාම සඳහා කාලයක් දියයුතු බවත් නව ආණ්ඩුව යටතේ ඇති සිදුවීම් කිහිපයක්, තවදුරටත් අප නිහඬව සිටීම කළ නොහැකි තත්වයක ඇති බවත් සජිත්ට ප්‍රේමදාස මහතා කියා සිටි. මෙම තත්වය කෙරෙහි අපගේ බලවත් අවධානය යොමුව ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික අවධානය යොමු කරමි යනුවෙන් එම නිවේදනයේ සඳහන්වේ.

    මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සතු තොරතුරු කිහිපයක් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළේය .මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙසද ස්විට්සර්ලන්ත රජය ශ්‍රී ලංකා බලධාරින්ගෙන් ඉල්ලීමක් කර කර ඇති අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.

    මෙම විමර්ශනය සඳහා සහාය වීම පිණිස කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස්සමීප රූප ආවේෂණ කැමරා කොට්ඨාසයේ හෙවත් CCTV කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්ද පත් කර ඇත.

    මෙම පැහැර ගැනීම සිදුකළ බව කියන සැකකරුවන් වින්දිත තැනැත්තියට තර්ජනය කරමින් පවසා ඇත්තේ සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන බවත්, එය විමර්ශකයින් නොමඟ යැවීම සඳහා සැකකරුවන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයක් විය හැකි බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකර අදාළ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි, පොලිස් මූලස්ථානය පවසයි.

     

    Last modified on ඉරිදා, 01 දෙසැම්බර් 2019 08:42

    Latest News