සරසවි හා පාසල් සිසුන්ටත් ඒඩ්ස්

ඔක් 27, 2022

    මේ වසරේ ගතවූ මාස 9 තුළ HIV ආසාධිතයින් 429 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

    මේ වසරේ ආසාධිතයින් වාර්තාවීම පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක වර්ධනයක් පෙන්නුම් කරන බවයි, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන පෙන්වා දෙන්නේ. සරසවි සිසුන් 16ක් සහ පාසල් සිසුන් තිදෙනෙකු ඇතුළත්.

    එච්අයිවී ආසාධිතයින්ගෙන් සියයට 95ක් ම වාර්තා වී ඇත්තේ අනාරක්ෂිත ලිංගික ක්‍රියා හේතුවෙන් බවයි, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ප්‍රකාශ කරන්නේ. එලෙස ආසාදිත වී නිසි ප්‍රතිකාර නොගන්නා පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරන පද්ධතියට බලපෑම් ඇති කරමින් වසර 5 ත් 10ත් අතර කාලයේදී එය ඒඩ්ස් අවධියට පත්වනවා. එච්අයිවී රෝගය බෝවීමේ ප්‍රධාන ක්‍රමයක් වන මවකගෙන් දරු‍වෙකුට රෝගය වැළදීම ප්‍රවණතාව මේ වන විට මෙරටින් තුරන්වී ඇති බවයි, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පෙන්වා දෙන්නේ.

    මේ වසරේ ගත වූ මාස නවය තුළ එච්අයිවී ආසාධිතයින් 429 දෙනෙකු වාර්තා වී තිබෙනවා. 2001 වසරේදී එච්.අයි.වී. ආසාධිතයින් වාර්තා වුයේ 410ක් පමණයි. මේ වසරේ වාර්තා වූ එච්අයිවී ආසාධිතයින් 429 දෙනා අතර සරසවි සිසුන් 16ක් සහ පාසල් සිසුන් තිදෙනෙකු ද වනවා. වයස අවුරුදු 18-30 අතර එච්අයිවී ආසාධිතයින් 148 දෙනෙකු වාර්තාවී ඇති බවයි, ජාතික ලිංගාශ්‍රිත‍ රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන පෙන්වා දෙන්නේ.

    මෙරටන් ප්‍රථමවරට එච්අයිවී ආසාධිතයෙකු වාර්තා වුයේ 1987 වසරේදී. එදින සිට මේ දක්වා එච්අයිවී ආසාධිතයන් 4404 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඉන් දහසක් මරණයට පත්ව තිබෙනවා. ප්‍රතිකාර සඳහා යොමු ඇති පිරිස 2350ක්. තවත් ආසාධිතයින් දහසක් පමණ තමන් ආසාධිතයෙකු බව නොදැන සමාජය තුළ ජීවත් වන බවයි විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ ‍කළේ.

    Latest News