2022 දී HIV ආසාදිතයින් 48%කින් ඉහළට

ජූනි 21, 2023

    වසර 2021ට සාපේක්ෂව 2022 වර්ෂයේ දී HIV ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 48%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසනවා.

    පසුගිය වර්ෂයේ දී HIV ආසාදිතයන් 607ක් අලුතින් වාර්තා වූ බවත් 2021 වර්ෂයට වඩා 2022 වර්ෂයේ දී ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට හේතුව වූයේ කොවිඩ් ව්‍යසනයෙන් පසුව පරීක්ෂණ සිදු කිරීම ඉහළ යෑම බවත් ඇය ප්‍රකාශ කළා.

    කොවිඩ් කාලයට වඩා පසුගිය වර්ෂයේ දී සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ යෑම යන හේතූන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ද ඇය පවසනවා.

    පිරිමි පුද්ගලයන් අතර HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක යෙදුණේ නම් HIV බවට සැක කර පරීක්ෂාවක් කරගත යුතු බවත් ඇය ප්‍රකාශ කළා.

    වයසට සරිලන ලිංගික අධ්‍යාපනයක් පාසල් වයසේ සිටම ලබාදෙන්නේ නම් මෙම ආසාදිතයන්ගේ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වෙතැයි ද ඒ මහත්මිය පැවැසුවා.

    Latest News