වසර 2021ට සාපේක්ෂව 2022 වර්ෂයේ දී HIV ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 48%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසනවා.

මේ වසරේ ගතවූ මාස 9 තුළ HIV ආසාධිතයින් 429 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

HIV පරීක්ෂා කර ගැනීමට කැමති ඹ්නෑම අයෙකුට www.know4sure.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර්ජාලය ඔස්සේ ඊට වේලාව වෙන්කර ගත හැක.

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබේ. මිලියන 38ක ජනයා ලෝකය පුරා එච්.අයි.වී ආසාදිතයන් ලෙස අදටත් ජීවත් වෙයි.

ශ්‍රී ලංකාව, මවගෙන් දරුවාට එච්අයිවී හා උපදංශය අසාධනය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සහතික කර ඇති බව, විශේෂ වෛද්‍ය ලිලානි රාජපක්‍ෂ මහත්මිය පැවසුවාය.

ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව චෝදනා කරමින් මව පියා නොමැතිව එකම පවුලේ දැරියන් හයදෙනෙකු පාසලෙන් කොන්කර දැමිමෙන් සමාජයෙන් අසාධාරණය මුහුණදි සිටින බව වාර්තාවේ.

ඉකුත් වසරේ පමණක් මෙරටින් ඒඩ්ස් රෝගීන් 350 දෙනෙකු වාර්තා වී ඇතැයි, ජාතික ඒඩ්ස් කමිටුව පවසයි.

එච්.අයි.වී පෙර හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීමෙන් සාර්ථක ජීවිතයක් ගත කළ හැකි බව, විශේෂඥ වෛද්‍ය කේ.ඒ.එම්. ආරියරත්න මහතා පවසයි.

Latest News