ජනපති ගෝඨාභයගෙන් VAT පහළට හා NBT ඉවතට දමමින් ජනතාවට සහන (වීඩියෝ)

නොවැ 27, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අද රැස්වු ප්‍රථම අමාත්‍ය මණ්ඩල හමුවේදි දැනට පවතින බදු ක්‍රමයේ පවතින දුර්වලතාවන් සළකා බැලීමෙන් අනතුරුව එවා සම්බන්ධයෙන් තිරණ රැසක් ගෙන තිබේ.

    එ අනුව දැනට ක්‍රියාත්මක බදු වර්ග රැසක් ඉවත් කිරීමට සහ තවත් බදු වර්ග කිහිපයක් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් බදු සම්බන්ධයෙන් ගෙන ඇති තිරණ අද පස්වරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තොරතුරු දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි අනාරවය කෙරිණ. සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අචාර්ය බන්දුල ගුණවර්ධන සහ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් මෙම මාධ්‍ය හමුවේදි අදහස් දක්වනු ලැබිණ.

    මෙම බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පහත සඳහන් බදු වර්ග සියල්ල ඉවත් කර තිබේ.

    01) වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීමට සහ ජාතිය ගොඩනැගීමේ 2% බද්ද අහෝසි කිරීමට අද කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත.

    02) රේගුවේදී අය කරන ජාතිය ගොඩනැගීමේ බද්ද වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හා ඒකාබද්ධ කෙරෙන අතර දේශිය ආර්ථිකය ආරක්ෂා කරනු පිනිස අදාළ බදු අනුපාතිකය 10% ක් කිරීම.

    03) ආර්ථික සේවා ගාස්තු

    04) බැංකු හා මූල්‍ය ආයතනයන් මත පැනවෙන හර බද්ද

    05) කොටස් වෙළෙඳපොල මත පැනවෙන ප්‍රාග්ධන ලාභ බද්ද

    06) ස්වාධිපත්‍ය දේපළ මත පැනවෙන වැට් බද්ද

    07) උපයනවිට ගෙවීමේ ආදායම් බද්ද

    08) පොලී ආදායම් මත පැනවෙන රඳවා ගැනීමේ බද්ද සහ අනෙකුත් මාදිලියේ රඳවාගැනීමේ බදු

    09) ණය සේවා බද්ද

    10) විදුලි සංදේශ ගාස්තු සඳහා පනවා තිබූ බදු 25%කින් පහළට දමා ඇත.

     

    එමෙන්ම VAT බද්ද අඩු කිරීම 2019 දෙසැම්බර් මස 01 සිට සහ අනෙකුත් බදු අහෝසි කිරීම් හා සංශෝධනය කිරීම් වහාම ක්‍රියාත්මක පරිදි සිදු කිරීමට තීරණය කර ඇත.

     

    Last modified on බදාදා, 27 නොවැම්බර් 2019 20:12

    Latest News