කම්කරුවන්ට මුදල් නොලැබිමෙන් කසල ඉවත් නොවන හැටන් නගරය

නොවැ 27, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව දිවයින පිහිටි ප්‍රධාන නගරවල දිනපතා එකතු වන කැලි කසල අලුයම 5.30 ට පෙර ඉවත් කරන ලෙසට කර ඇති ඉල්ලිම මත හැටන් පොලිසියේ පරිසර එක්කයේ නිලධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවන් ඊයේ (26) සිට එම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබේ.

    හැටන් නගරයේ ආපන ශාලාවලින්, පලතුරු වෙලදසැල්වලින් සහ එලවළු වෙලදසැල් වලින් දිනපතා එක්රැස් වන කැලි කසල එම වෙලදසැල් හිමියන් විසින් මළු වලට දමා වෙලදසැල ඉදිරිපිට දිනපතා ගොඩගසා තබයි.

    අලුයම 5.30 සිට පොලිසියේ පරිසර ඒකකයේ නිලධාරින්ගේ අධික්ෂණය යටතේ හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවන් 8 දෙනෙකු නගරයේ බැහැර කර ඇති කසල ඉවත් කලද වෙලදසැල් ඉදිරිපිට ගොඩගසා ඇති කසල ඉවත් නොකරන බවට වෙලදසැල් හිමියන් චෝදනා කරති. වෙලදසැල් වල දිනපතා ඉවත් කරන කසල ඉවත් කිරිමට කම්කරුවන් විසින් එක් වෙලදසැලකින් රු 100 සිට රු 300 දක්වා මුදලක් අය කර තිබේ. වෙලදසැල් විවෘත කිරිමට පෙර කසල ඉවත් කිරිමෙන් එම මුදල් කම්කරුවන්ට නොලැබෙන බැවින් ඔවුන් කසල ඉවත් නොකරන බවයි හැටන් නගරයේ ව්‍යාපාරිකයන් පවසන්නේ.

    මෙම වෙලදසැල් උදැසන 8 ත් 9 අතර දිනපතා විවෘත කරන අතර, පවත්නා නව ක්‍රමවේදය යටතේ කම්කරුවන් අය කල මුදල ලබා ගැනිමට නොහැකි වි ඇත.

    වෙලදසැල් ඉදිරිපිට බැහැර කර ඇති කසල ඉවත් කිරිමට නගර සභා කම්කරුවන්ට මුදල් ලබා නොදෙන ලෙස හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ව දැනුවත් කර ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේය.කම්කරුවන් විසින් ප්‍රමාදවි කැලි කසල එකතු කිරිම සම්බන්ධයෙන් සොයා බැලිමක් සිදු කරන බවද හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා වැඩි දුරටත් පැවසියිය.

     

    Latest News