රුවන්වැලි සෑ රඳුන්ගේ ‌නව චුඩාමාණික්‍ය අදත් මහජන ප්‍රදර්ශනයට

නොවැ 24, 2019

    ඓතිහාසික රුවන්වැලි මහ සෑයට පළඳවන රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය, අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ විශේෂ කුටියක තැන්පත් කර තිබේ.

    එය අද සිට හෙට දහවල් දක්වා මහජනතාවට වන්දනාමාන කළ හැකියි. කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය, අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධි පරිශ්‍රය වෙත පෙරහැරින් වැඩමවනු ලැබුවේ පසුගිය සිකුරාදා දිනයි. එහිදී, අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයේන ආගමික වතාවත් සිදු කෙරිණ. 25 වැනිදා සවස 6.00ට මහසෑයේ රන් ආලේව කරන ලද කොත් වහන්සේ මත චූඩා මාණික්‍යය පළඳවයි. රන් ආලේපිත කොත් වහන්සේ නිරාවරණය කෙරෙන්නේ 26 වැනිදායි.

    Last modified on සදුදා, 25 නොවැම්බර් 2019 07:30

    Latest News