වහමළුගොල්ලෑවේ දී තිදෙනෙකුට මරු කැඳවමින් අනතුරක්

ජූලි 29, 2019

    මැදවච්චිය,අනුරාධපුරය මාර්ගයේ වහමළුගොල්ලෑව ප්‍රදේශයේ සිදවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

    තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුර සිදුවුණේ ඊයේ රාත්‍රී. යාපනය දෙසට ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් හා දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවිය. තුවාල ලැබූවන් අනුරාධපුරය රෝහලට ඇතුළත් කර තිබේ. ඒ අතර දැරියන් දෙදෙනෙක් හා පිරිමි දරුවෙක් ද සිටින බවයි, පොලීසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනිණ. ලොරි රථයේ රියදුරු පළාගොස් ඇත. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 29 ජූලි 2019 07:45

    Latest News