කසළ නිසා අසරණ වූ පූජා නගරය

ජන 01, 2019

    අනුරාධපුර පූජා භූමිය තුළ අවිධිමත් ලෙස කසළ බැහැර කිරීමෙන් දෙස් විදෙස් සංචාරකයෝ දැඩි අපහසුතාවට ලක්වෙති.

    පසුගිය දීර්ඝ සති අන්තයේ වන්දනාවේ පැමිණි සැදැහැවතුන් මෙලෙස කසළ අවිධිමත් ලෙස බැහැර කර තිබේ. පූජා භූමිය තුළ විධිමත් ලෙස කසළ බැහැර කරන ලෙස දැනුම් දෙමින් බොහෝ ස්ථානවල දැන්වීම් සහ බැනර් ප්‍රදර්ශනය කර තිබේ. නමුත්, ඒවා අසළම කසළ බැහැර කර තිබෙනු දැක ගත හැකියි.

    දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් පැමිණ වන්දනාමාන කරන මෙම භූමිය කුණු කසළ හේතුවෙන් අපවිත්‍ර වීම නිසා ඔවුන් පත්වන්නේ දැඩි අසීරුතාවයකටයි. මේ පිළිබඳ අදාළ බළධාරීන් කඩිනමින් අවධානය යොමු කරන ලෙස ජකතාව ඉල්ලා සිටියි.

     

    Latest News