සන්නද්ධ හමුදා මහජන ආරක්ෂාවට මිස හමුදා පාලනයකට නොවේ...කමල් ගුණරත්න

නොවැ 24, 2019

    ජනාධිපතිතුමා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් සන්නද්ධ හමුදා කැඳවූයේ, මහජන ආරක්ෂාව වඩාත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් බවත්, හමුදා පාලනයක් ගෙනයාමට කිසිඳු අදහසක් නොමැති බවත්, නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.

    ආරක්ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසු මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීම සඳහා මිහින්තලය පුදබිමට පැමිණි නව ආරක්ෂක ලේකම්වරයා මිහින්තලය විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. ඉන් අනතුරුව පූජ්‍ය ධම්මරතන නායක හිමියන් හා ආරක්ෂක ලේකම්වරයා සුහද පිළිසඳරක නිරත විය.

    Last modified on ඉරිදා, 24 නොවැම්බර් 2019 14:54

    Latest News