රුවන්වැලි මහා සෑයේ වෙඩි තැබීමක් – පොලිස් නිලධාරියෙක් මරුට

ජූලි 11, 2024

    අද දින උදෑසන 5.10 ට පමණ උඩමළුව පොලිස් ස්ථානයේ, රුවන්වැලිසෑය මුරපොලට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් නිළධාරියෙකු ටී-56 වර්ගයේ රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් තිබෙනවා.

    ඔහු දින කීපයක සිට සාමාන්‍ය හැසිරීම් රටාවෙන් බැහැරව රාජකාරි කර ඇති බවටත් අනාවරණය වී ඇති අතර පවුලේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙය සිදු වූවේද යන්න පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණ පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටින අතර මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතයි.

    Latest News