ජනපති හමුවෙන් පසු තානාපතිනියගෙන් ට්ටුටර් පණිවුඩයක් (වීඩියෝ)

නොවැ 23, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවීමෙන් පසු මෙරට අමෙරිකානු තානාපති ඇලෙයිනා ටැප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

    හමුව ඊයේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. ට්විටර් පණිවුඩයෙන් අමෙරිකානු තානාපතිනිය පෙන්වා දෙන්නේ, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සුරකමින්, ආර්ථික සංවර්ධන උදා කර යහපාලනය පදනම් වූ වඩාත් ආරක්ෂිත, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණු කෙරෙහි පළමු හමුවේ දී සාකච්ජා කළ බවයි.

    මේ අතර නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මාලදිවයින ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ද සුබ පැතුම් එක් කර තිබේ. ට්විටර් පණිවුඩයක් එක්කරමින් ඔහු කියා සිටින්නේ, රාජපක්ෂ මහතා මාලදිවයින සමග වඩාත් සමීප හා හිතවත් මිතුරෙක් බවයි. ශ්‍රී ලංකා - මාලදිවයින් සහයෝගීතාව උදෙසා සමීපව ක්‍රියා කරන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    මේ අතර විදෙස් කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සුබපැතුම් එක් කළේය. ඔහු නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ නව විදේශ කටයුතු අමාත්‍යවරයා සමග ඉදිරියේ දී සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

     

     

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 21:03

    Latest News