අල්ලස් ගත් සහකාර පොලිස් අධිකාරිවරයා රිමාන්ඩ්

නොවැ 23, 2019

    රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ඒ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන හලාවත සහකාර පොලිස් අධිකාරී කීර්ති බණ්ඩාර මහතා හලාවත වැඩබලන මහේස්ත්‍රාත් බී.යූ.ශානක උදයංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.  දේවාලයේ අස්ථානගතවූ හක්ගෙඩි දෙකක් සොයා දීම සඳහා මෙන්ම බාධාවකින් තොරව දේවාලයේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ කටයුතු සලස්වා දීම යනු කරුණු මත සැකකරු විසින් එක් ලක්ෂ පනස් දහසකට අධික අල්ලසක් ඉල්ලා තිබේ. අනතුරුව හලාවත කාලි දේවාලයේ දේවගැතිවරියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනිණ.

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 09:08

    Latest News