පාන් මිල යළි 5කින් පහළට

නොවැ 21, 2019

    තිරිගු පිටි මිල ඉහළ දැමීමත් සග වැඩිකළ පාන් ගෙඩියක මිල අද සිට යළි පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    ඊයේ දින රුපියල් 5කින් ඉහළ දැමූ ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද උදෑසන සිට යළි රුපියල් 5කින් පහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ඉහළ දැමූ තිරිඟු පිටි මිල යළි පහළ දමන බවට අදාළ සමාගම් දැනුම් දුන් බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 10:16

    Latest News