සපුගස්කන්දේ සැකකටයුතු මරණයක් ගැන පරීක්ෂණ ඇරඹේ

නොවැ 21, 2019

    සපුගස්කන්ද, වලහේන ප්‍රදේශයේ නිවසක පුද්ගලයකු සැකකටයුතු ලෙස තුවාල සහිතව මියගොස් ඇති බවට ලද තොරතුරුක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

    ඊයේ (20) උදෑසන 9.00ට පමණ මෙය සිදුව තිබේ. මියගොස් ඇත්තේ වයස අවුරුදු 37 වලහේන, මාබිම, හෙයියන්තුඩුව ලිපිනයේ පදිංචි හෙට්ටිආරච්චිගේ අජිත් ප්‍රියන්ත නැමැත්තෙකි.

    මරණකරු ඉහත ලිපිනයේ කුලී පදනම මත බිරිඳ හා දරුවන් සමඟ ජීවත්ව සිට ඇති අතර, මීට මාස 5 කට පෙර බිරිඳ පවුල් ආරවුලක් හේතුවෙන් නිවසෙන් පිටව ගොස් තිබේ.

    මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය අද(21) දින සිදු කිරීමට නියමිතයි. සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 10:02

    Latest News