අ‍.පොස. (සා/පෙළ) දෙසැ.02 සිට 12 දක්වා

නොවැ 21, 2019

    අ.පොස.ස (සා/පෙළ) 2019.12.02 සිට 12 දක්වා විභාග මධ්‍යස්ථාන 4,987කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා නිවේදනය කරයි.

    මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයඳුම්කරුවන් සංඛ්‍යාව 433,050ක්. පෞද්ගලික අයඳුම්කරුවන් සංඛ්‍යාව 283,958ක්. ඒ අනූව මුළු අයඳුම්කරුවන් 717008ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතයි. සාපෙළ විභාගය වෙනුවෙන් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541ක් ක්‍රියාත්මකයි.

    මෙවර විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනූව රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, කොළඹ මැගසින් බන්ධනාගාරය, මහරගම අපේක්ෂා රෝහල, වටරැක සුනීත විද්‍යාලය, නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද විභාගය මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 09:51

    Latest News