උත්සවයක් අතරතුර දරුණු පිහි ඇනුමක්

අගෝ 24, 2024
    බටහිර ජර්මනියේ සෝලින්ජන නගරයේදී සිදුවූ පිහි ඇනීමකින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.
    හතර දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි එරට පොලිසිය පවසන්නේ.
    සෝලින්ජන නගරයේදී ඊයේ පැවති උත්සවයක් අතරතුර මෙම පිහි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
    ඇසින් දුටුවන් මාධ්‍යයට පැවසුවේ සැකකරු උත්සවය අතරතුර අහඹු ලෙස පුගලයින් හට පිහියෙන් ඇන ඇති බවයි. අනතුරුව සැකකරු එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.
    ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සහ හෙලිකොප්ටර් යොදා ගනිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළා.
    පොලීසියට සහය වීම සදහා සන්නද්ධ රථ 40ක් පමණ යොදවා ඇති බව නගර බලධාරීන් පැවසුවේ.
    එම නරගයට පැමිණීමට සහ පිටව යාමට ඇති ප්‍රවේශ මාර්ග අවහිර කොට තිබෙනවා. නගරයේ වෙසෙන සියලු පුරවැසියන්ට සිය නිවාස තුලම රැඳී සිටින ලෙසයි පොලීසිය දැනුම් දී ඇත්තේ.

    Latest News