ජපානයේ දේශපාලනඥයෙකුගේ පුත්‍රයෙක් අතින් ඝාතන රැසක්

මැයි 26, 2023

    ‍ජපානයේ "නගානෝ" ප්‍රාන්තයේ පුද්ගලයෙකු සිදු කළ පිහි ඇනුමකින් සහ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද ඊට අයත්.

    ‍ඝාතකයා, මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඔහු කාන්තාවකට තියුණු යුධයකින් ඇන ඝාතනය කර ඇති අතර, පිස්තොලයකින් වෙඩි තබා පොලිස් නිලධාරින් දෙදෙනෙකු හා තවත් මහලු කාන්තාවක මරණයට පත් කර ඇති බවයි. සැකකරු, ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ පුත්‍රයෙකු බවට, පොලීසිය හඳුනා ගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හඳුනා ගැනීමට නොහැකි ආකාරයෙන් ඇඳුම් හා වෙස් මුහුණක් පැළඳ සිටි බවට පොලිස් වාර්තාවල සඳහන්.

    Latest News