මහ බැංකු බැඳුම්කර සොරකමේ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරනවා - විමල් වීරවංශ (වීඩියෝ)

නොවැ 20, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් පවතින ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටුවන රජයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

    අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන පක්ෂ නායකයින් මාධ්‍ය හමුවට එක්වෙමින් විමල් වීරවංශමහතා මේ බව පැවසීය.

    මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන්ද සොයි බලා වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමටය කටයුතු කරන බවද ඔහු පෙන්වා දුනී.

    සූදු වැන් රියදුරු ලෙස පසුගිය දා යම් පුද්ගලයෙක් ගෙන්නවා රාජිත සේනාරත්න මහතා විසින් කළ ක්‍රියාදාම සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බවත් විමල් වීරවංශ මහතා කියා සිටියේය. අදාල රියදුරුයැයි පැවසු පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඔහුගේ සාක්ෂි අනුව එවැනි ඝාතන සිදුවි ඇත්නම් ඒ සම්බන්දයෙන්ද ක්‍රිා කරන බවයි ඔහු කියා සිටියේ.

    ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රකාශ කිරීමට ප්‍රතිවාදීන් කටයුතු කළ බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දුනි..

    ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

     

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 17:32

    Latest News