ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලයට

නොවැ 20, 2019

    සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබේ.

    ඒ අනුව, සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ඇතුළු පළාත් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙක් සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යාලය වෙත අද (20) දිනයේදීම යැවූ බව ආණ්ඩුකාරවරුන්ගේ මාධ්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ.   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට මාස කිහිපයකට ඉහතදී පළාත් නවය සඳහා ආණ්ඩුකාරවරුන් නවදෙනෙකු පත්කරන ලදී.

    ඒ අනුව, ඒ.ජේ. එම්. මුසම්මිල් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, සරත් ඒකනායක මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, ෂාන් විජයලාල් ද සිල්වා මහතා නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙසද, මෛත්‍රී ගුණරත්න මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, කීර්ති තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, හේමාල් ගුණසේකර මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, පේෂල ජයරත්න මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, ධම්ම දිසානායක මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළහ.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 15:45

    Latest News