නීති හදන්න බලය ඇති අය අපිව හොයාගෙන එන්න ඕන නැහැ: මල්වතු නාහිමි පා.ම. විමල්ට කියයි

මැයි 28, 2019

    ත්‍රස්තවාදය මර්දනය කිරීමේ නීති සකස් කිරීමේ බලය පාර්ලිමේන්තුවට ඇතත් එම මන්ත්‍රීවරු ලිපිලේඛන සකස් කර අප හමුවට පැමිණ විසදුම් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියෝ පවසති.

    ඔවුන් පාර්ලිමේන්තුවට පත් කර ඇත්තේ ඒ කරුණු විසඳීම සඳහා යැයි උන්වහන්සේ පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද මල්වතු මහා විහාරයට පැමිණ මහනායක හිමි බැහැදුටු අවස්ථාවේදීය.

    රට පත්ව ඇති කනගාටුදායක තත්ත්වය පිළිබඳව ඇතැම් පාලකයන්ට හැඟීමක් නොමැති බවත් තමන් හමුවට පැමිණෙන බොහෝ මන්ත්‍රීවරු ඉල්ලා සිටින්නේ රට ජාතිය බේරා ගැනීමට කටයුතු කළ යුතුව ඇති බව යැයි ද කීවේය. ඔවුන් සියල්ලන්ගේම අදහස එක් අදහසක් යැයි ද උන්වහන්සේ සඳහන් කළහ. පාර්ලිමේන්තුවේ එකතු විසඳුම් කරා යොමුවිය හැකි බවත් එමෙන්ම අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ සඳහන් කළහ. මල්වතු පාර්ශවය මහනායක හිමිපාණන් වහන්සේ සමඟ අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 20:04

    Latest News