කේරළ ගංජා සමග සැකකරුට වව්නියාවේ දී මාංචු

නොවැ 20, 2019

    කේරළ ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 800 ක් සමඟ සැකකරුවෙකු ඊයේ (19) වවුනියාවේදී අත්අඩංගුවට ගැනිණ.

    සැකකරු අත්අඩංගුවට ගැනුණේ යාපනය ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකුගෙන් කේරළ ගංජා තොගය රැගෙන වවුනියාව බස් නැවතුම්පොළේ දී රැදී සිටියදීයි.සැකකරු අනුරාධපුරය ප්‍රදේශ‍යේ පදිංචි වයස 23 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

     

     

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 07:53

    Latest News