ජනපති අද මහනුවරට

නොවැ 20, 2019

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතයි.

    ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙණේ දී රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමි බැහැදැකීමට නියමිතව තිබේ.

    ජනාධිපතිවරයා අද පස්වරුවේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි බැහැ දැකීමට ද නියමිතයි.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 07:41

    Latest News