update- නව ජනපති ගෝඨාභය රාජපක්ෂ අද වැඩබාර ගනී

නොවැ 19, 2019

    නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර  සිය ධුරයේ වැඩභාරගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.

    (පෙ.ව 7.00)

    අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතයි.

    ඒ අනූව, අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අභිනව ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ බාර ගන්නා බවයි, වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 7වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ රුවන්වැලි මහ සෑ රඳුන් ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 07:42

    Latest News