බෙලිඅත්ත සභා සන්ධාන මන්ත්‍රී පහරදී දෙදරු පියෙකු රෝහලේ

නොවැ 17, 2019

    බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු අද පස්වරුවේ පහරදිමෙන් දෙදරු පියකු බෙලිඅත්ත දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව බෙලිඅත්ත පොලිසිය පවසයි.

    මෙලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ බෙලිඅත්ත දෙවැනි විස්කම්පුර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු බව පොලිසිය කියයි.

    ⁣පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට තේරි පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු යතුරුපැදි හිස්වැසුමකින් තමාට පහර දුන් බව රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයා පවසයි. පසුගිය මැතිවරණයේදී එම මන්ත්‍රීවරයා ඉදිරිපත් වූ පක්ෂයට ඡන්දය ලබා නොදීම හේතුවෙන් එයට බැන වැදී පහරදිම කර තිබේ. සිද්ධියට අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමට බෙලිඅත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    Latest News