තිරිඟු පිටි මිල ඉහළ නංවා නැහැ: ව්‍යාජ පුවත් මවන විද්‍යුත් නාලිකාවක ක්‍රියාදාමයක් - ඇමති මංගල කියයි

නොවැ 15, 2019

    තිරිඟු පිටි මිල ඉහළ නැංවූ බවට ඇතැම් මාධ්‍ය පළ කරන වාර්තා සත්‍යයෙන් තොර බව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

    ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටින්නේ, එය සුපුරුදු පරිදි ව්‍යාජ පුවත් මවන පෞද්ගලික විද්‍යුත් නාලිකාවක ක්‍රියාදාමයක් බවයි.

    ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනු කමිටුවේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව පිටි මිල ඉහළ නැංවිය නොහැකි බව අමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන්.

    පවතින මිලට වඩා වැඩි මිලකට තිරිඟු පිටි අලෙවි කරන වෙළෙන්ඳන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව, අමාත්‍යවරයා අවධාරණය කරනවා.

    Last modified on සිකුරාදා, 15 නොවැම්බර් 2019 15:16

    Latest News