බස් රථ 02ක් ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

ජූනි 02, 2024
    පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් පානදුර බස් නැවතුම ආසන්නයේදී අද (02) උදෑසන අනතුරක් සිදුවී තිබෙනවා.

    එම අනතුරෙන් ලංගම බස්රථයේ ගමන් කරමින් සිටි කොන්දොස්තරවරයෙකු මියගොස් ඇති අතර තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ඩිපෝවට අනුයුක්තව සේවය කරන කොන්දොස්තරවරයෙකු බවට අනාවරණය වී තිබෙනවා.
    ලංගම බස් රථය පානදුර බස්නැවතුම්පොළ දෙසට හැරවීමට යාමේදී කොළඹ සිට පානදුර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.
    අනතුර සිදුවීමත් සමග පෞද්ගලික බස් රථයේ රියදුරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
    පානදුර දකුණ පොලීසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News