ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ 2ක්

නොවැ 15, 2019

    හෙට(16) පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා හැදුනුම්පත් නොමැති ලක්ෂ 02ක පිරිසකට පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් තාවකාලික හැදුනුම්පත් සකස් කර තිබේ.

    එම හැදුනුම්පත් මැතිවරණ කොමිෂන් සභාවට භාරදී ඇති අතර ඒවා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් හරහා ග්‍රාම නිලධාරීන් වෙතින් ලබාගත හැකි බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

    එම තාවකාලික හැදුනුම්පත අයදුම්කළ පුද්ගලයන්ට ග්‍රාම නිලධාරීවරයා විමසීමෙන් ඒවා ලබා ගත හැකියි අතර අදාළ තාවකාලික හැදුනුම්පත භාවිත කළ හැක්කේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පමණක් බව ද නිවේදනය කර තිබේ.

    මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 15ක පමණ පිරිසක් සුදුසුකම් ලබා සිටිති.

    Latest News