ජනපති ඡන්ද සටනට එන්නේ නම් SLFP ය සටනට සූදානම්

අගෝ 16, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට යළි තරග කිරීමට කැමතිවන්නේ නම් ඊට ශක්තිය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් යැයි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

    මාධ්‍යවේදීන් කළ විමසීමේදි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා සම්මේලනයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන්නේදැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරිමේදි ඔහු කියා සිටියේ ගැටුම් වලට හේතු වන ප්‍රකාශ කිරීමට නොහැකි බැවින් එම ප්‍රශ්නය තමන්ගෙන් නොඅසන ලෙස දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

    Latest News