ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ලංකා කම්කරු කොන්ග්‍රසයෙන් පොරොන්දු පත්‍රයක්

අගෝ 30, 2019

    වතුකරයේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් සකස් කර ඇති කරුණු 31 ට එකගතාවය පල කරන ඕනැම ජනාධිපති අපෙක්ෂකයෙකුට තම පක්ෂයේ සහයෝගය ලබා දෙන බව ලංකා කම්කරු කොන්ග්‍රසය පවසයි.

    ලංකා කම්කරු කොන්ග්‍රසය අද (30) පස්වරුවේ කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථනායේ පැවති මාධ්‍යය හමුවකදි මේ බව පැවසීය.

    ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති සහ ඌව පලාත් සභා අමාත්‍යය සෙන්දිල් තොණ්ඩමන්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපතිවරුන් වන එස්. සත්‍තිවේල්, එම්. රාමේෂ්වරන් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍යය හමුව පැවැත්විණ.

    ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත්ව ඇති බැවින්, තවත් අපේක්ෂකයන් ඉදිරිපත් වු පසු පක්ෂයේ ස්ථාවරය සියලු අපේක්ෂකයන් සමග සාකච්ඡා කර ඉල්ලිම් වලට එකඟ වන ජනාධිපති අපේක්ෂකයාට සහය දක්වන බව එම පක්ෂයේ ජේෂඨ උප සභාපති එස්. සත්තිවේල් මහතා කියා සිටියේය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වි ඇති අපේක්ෂකයන් සමඟ නිල නොවන මට්ටමෙන් දැනටමත් සකච්ඡා කර ඇති බවද එස්.සත්තිවේල් මහතා පැවසිය.

    වතුකරයට විශ්ව විද්‍යාලයක්, වතුකරයේ ජනතාවට සාධාරණ වැටුපක්, රාජ්‍යය සේවයට වතුකරයේ තරුණ තරුණියන් බදවා ගැනිම්, වතු රෝහල් රජයට පවරා ගැනිම, වතු කම්කරු නිවාස ප්‍රශ්නය විසදිම, වතු කම්කරුවන්ට හිමිකම් ඔප්පුවක් සමග ඉඩම් ලබා දිම ඇතුළු කරුණු 31 සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් ඉදිරිපත් කර ඇති කරුණු 31 ට ඇතුලත්ය.

     

     

    Latest News