රජයේ සියලු පාසල්වලට අද නිවාඩු

නොවැ 15, 2019

    රජයේ සියලු පාසල් සඳහා අද(15) නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    හෙට(16) පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් වැඩිවශයෙන් පාසල් යොදාගැනීම හේතුවෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

    ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් අද පෙරවරු කාලයේදී ග්‍රාම නිළධාරීන්ගේ භාරයට පත්වන අතර අවශ්‍ය පරිදි ශාලා සකස් කිරීම සිදුකිරීමට නියමිතයි.

    එමෙන්ම ඇතැම් පාසල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන්ද, ඇතැම් පාසල් ආරක්ෂක අංශවල භාවිතය සඳහා ද යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

    Latest News