ඇමති සජිත්ගේ ඉල්ලීමට සුමංගලහිමි උපවාසය අත්හරි: සුවසැරියෙන් රෝහලට

නොවැ 14, 2019

    ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් නිදහස් චතුරශ්‍රයේ ආරම්භ කළ උපවාසය අද (14) අළුයම අවසන් කර ඇත.

    ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය බව තහවුරු කළ යුතු යැයි පවසමින් උන්වහන්සේ මෙලෙස උපවාසයක් ආරම්භ කර තිබුනි.

    මැද කොළඹ පැවති අවසන් ජන රැළිය ඇමතිමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් උපවාසය සිදුකරමින් සිටි නිදහස් චතුරශ්‍රය වෙත පැමිණ තිබේ.

    එසේ පැමිණි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උන්වහන්සේ ගෙන් ඉල්ලා සිටියේ ආරම්භ කර ඇති උපවාසය අවසන් කරන ලෙසට තමන් ගෞරව පුර්වකව ඉල්ලා සිටින බවයි.

    ඉන් පසුව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් පැමිණ උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරිමෙන් අනතුරුව "සුවසැරිය" ගිලන් රථයකින් රෝහල කරා රැගෙන ගොස් ඇත.

     

     

     

    Latest News