මැතිවරණ රාජකාරියට ලංගම බස් 5,800ක්

නොවැ 14, 2019

    මැතිවරණ රාජකාරී සඳහා ලංගම බස් රථ 5,800ක් සූදානම් බව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) සී.එච්.ආර්.ටී.චන්ද්‍රසිරි මහතා පවසයි. මීට අමතරව, ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා බස් රථ රැසක් ද ධාවනයට එක් කර ඇති බවයි, ඔහු පවසන්නේ.

    එම සියලු බස් රථ සඳහා මුදල් ලබා ගැනීමට පියවර ගෙන තිබේ. ලංගම ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල 12න්ම මෙම බස්රථ ලබා දී ඇති අතර, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය, මැතිවරණ රාජකාරීවල යෙදී සිටින නිලධාරීන් රැගෙන යාම හා ගණන් කිරීම් අවසන් වීමෙන් අනතුරුව නිලධාරීන් නිවෙස් බලා ප්‍රවාහනය කිරීමට මෙම බස් රථ යෙදවීමට නියමිතයි. මීට අමතරව, පොලිස් නිලධාරීන් ප්‍රවාහනය සඳහා ද ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ ඉල්ලුම් කර තිබේ.
    තේරීම් බාර නිලධාරීන්ගේ අවශ්‍යතා මත බස් රථ අවශ්‍යනම්, ඒවා ලබා ගැනීමට හැකිවන අයුරින් කටයුතු සළසා ඇති අතර සියලු රථ මුදල් අය කර ගැනීමේ පදනම මත ලබා දෙන බවයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 11:17

    Latest News