වව්නතිව් පොලිස් ඝාතනය - පොලිස්පති නිරික්ෂණ චාරිකාවක (විඩියෝ)

නොවැ 30, 2018
  • Update

    වව්නියාව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබඳ තත්වය පරීක්ෂා කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් පිටත්ව ගිය බව පොලිස් මූලස්ථානය පවසයි.

    එම විශේෂ නිලධාරී කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද, එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාද ඇතුළත්.

    මඩකලපුව - වව්නතිව් මාර්ග බාධකයක් අසළ පොලි නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනයට පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පිටත්කර යවා තිබේ.  

     මඩකලපුව මහේස්ත්‍රාත්තුමා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ආරම්භ කරමින් සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කෙරිණ. මඩකලපුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘත ශරීර මඩකලපුව රෝහලට රැගෙන ගොස් තිබේ.

    මාර්ග බාධක රාජකාරීයේ සිටි පොලීසියේ දෙදෙනෙක් ඝාතනය කෙරේ (7.30)

    මඩකලපුව - වව්නතිව් පොලිස් වසමේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ මළ සිරුරු එම මාර්ග බාධකය අසළ තිබී හමුවී තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන 6.00ට පමණ එම සිරුරු හමුවූ බවයි.

    මෙම සැක කටයුතු මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මෙසේ මියගොස් ඇත්තේ, ගාල්ල පදිංචි 35 හැවිරිදි වල්පිට ගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න හා කල්මුණේ පදිංචි 28 හැවිරිදි ගනේෂ් දිනේෂ් යන පොලිස් කොස්තාපල්වරුන් වෙයි.

    Image 2018 11 30

    667

    Last modified on සිකුරාදා, 30 නොවැම්බර් 2018 15:18

    Latest News