ආගම්වාදින්ට ජාති වාදින්ට වතුකම්කරුවන් ආරක්ෂා කළ නොහැකි - ජනපති අපේක්ෂක සජිත්

නොවැ 10, 2019

    ආගම්වාදින්ට ජාති වාදින්ට වතුකම්කරුවන් ආරක්ෂා කළ නොහැකි යැයි  නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ජාති වාදින්ට, ආගම් වාදින්ට වතු ජනතාව ආරක්ෂා කරන්න නොහැකි වුවත්, සජිත් ප්‍රේමදාස සියළුම ජාතින් ආරක්ෂා කරනවා ඔහු කියා සිටියේය.

    සජිත් ප්‍රේමදාස මහතා සේ බව කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිවරණ ජයග්‍රහණය සදහා අද (10) දමිල ප්‍රගිතිශිලි සන්ධානය විසින් තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේ සංවිධානය කර තිබු රැස්විමක් අමතමිණි.

    මෙහිදි අදහස් දැක් වු ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ

    මෙදා පාර ඔබලාගේ හයියත් එකක් නුවරඑලිය දිස්ත්‍රික්කය උඩින්ම දිනනවා, මම බොහොම වාසනාවන්තයි, මොකද වතු කම්කරුවන් නියෝජනය කරන හදවතින්ම වැඩ කරන දිගම්බරම් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් ඉන්න නිසා. මේ ගොල්ලෝ සල්ලි වලට ඩිල් දාන්නේ නැ, කුඩු වලට ඩිල් දාන්නෙත් නැ,  මම අවංකවම කියන්නේ මගේ පියා තමයි වතු කම්කරුවන් ලක්ෂ 12 කට පුරවැසිභාවය ලබා දුන්නේ, පුතා තමුන්න්සේලාට හොදින් ජිවත් විමේ අයිතිය ලබා දෙනවා කියලා මම කියන්න කැමති.

    මගේ ප්‍රතිපත්ති ලේඛනයේ වතු ජනතාව වෙනුවෙන් වෙනමම පරිච්ඡේදයක් තියෙනවා, කදුරට ජනතාව කියලා. 16 ජනාධිපති විමෙන් පසු 17 වෙනිදම වතු ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක් මම පිහටවනවා. තමුන්නාන්සේලාගේ සුභ සාධනය මම අතට ගන්නවා, වතු ජනතාව ප්‍රේමදාගේ පුතා සජිත් ප්‍රේමදාස බලාගන්නවා.

    ලයින් නිවාස වල ජිවත් වන ජනතාවට පර්චස් 7 ඉඩම හරියන්නේ නැ පර්චස් 10 ක් දෙන්න ඕනි, නිවාස ටික අපි ලබා දෙනවා. වතු ජනාතාවට මාසෙකට වැඩිම වුනොත් දින 20 යි වැඩ හම්බෙන්නේ, දවසකට දෙනවා රු 700 ක 750 සොච්චම් වැටුපක්, එකෙන් වතු ජනතාවට ජිවත් වෙන්න බැ. මම කියනවා මේක ආසාධාරණයි කියලා,තමුනාන්සේලාගේ වගකිම මම භාර ගන්නවා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත් කරලා තියෙනවා ඔබලාගේ වැටුප දිනකට අඩුම ගානේ රු 1500ක් වත් කරන්න ඕනි කියලා. මේ රටට දැවැන්ත විදේශ විනියමක් දෙන්නේ තමුන්නාන්සේලාගේ කම්කරු ශ්‍රමය, මින් ඉදිරියට ඔබලාගේ කම්කරු ශ්‍රමය ගසා කන්නට ඉඩ තියන්නේ නැ අපි. තේ කර්මාන්තය ප්‍රතිසංස්කරණය කරලා , මම තමුන්නාසේලාව කම්කරුවන් විදිහට නොව කුඩා තේ වතු හිමියන් බවට පත් කරනවා.

    වතු ජනතාවට තියෙන පහසුකම් අඩුයි, සෞඛ්‍ය්‍ය පහසුකම් ,පාසල් , ප්‍රජා ශාලාවල්, නැ අනිවර්යෙන්ම ලබා දෙනවා. මර්ග ප්‍රතිසංස්කරණය කරනවා, කිරි නිෂ්පාදනය වෙනුවෙන් අපි ඔබගාට හයියක් දෙනවා, අමතර සව්යං රැකියාවක් හැටියට, කදුකරයට නව විශ්ව විද්‍යාලයක් ඉදි කරනවා. දුප්පත්කම අඩු කරන්න සමෘද්ධිය දෙනවා, රණසිංහ ප්‍රේමදාසගේ ජන සවියත් දෙනවා.

    පාසල් ළමුන් හතලිස්හතර ලක්ෂයකට නොමිලේ පාසල් නිල ඇදුම් කට්ටලයයි, සපත්තු දෙකයි , දිවා ආහාරයයි ලබා දෙනවා. තාක්ෂණික පුහුණු මධ්‍යස්ථාන, කර්මාන්තපුර ඉදි කරලා රැකියා ප්‍රශ්නය විසදනවා. ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වැඩි කරනවා. මේ ප්‍රදේශයේ. පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ ලබා දෙනවා, කෘෂිකර්මාන්තය නගා සිටුවිමට නොමිලේ පොහොර ලබා දෙනවා,නිෂ්පාදන වියදම අඩු කරන්න පුළුවන්. එතකොට තේ වගාව නගා සිටුවන්න පුළුවන්, ඔබලාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා,

    වතු ජනතාවට පුරවැසිභාවය ලබා නොදුන් අය තමයි එහා පැත්තෙන් ඉදිරිපත් වෙලා වතුජනතාවට බොරුවට කියනවා වතු ජනතාව ආරක්ෂා කරනවා කියලා. ජාති වාදින්ට ආගම් වාදින්ට වතු ජනතාව ආරක්ෂා කරන්න පුළුවන්ද? පල්ලි කොවිල් කඩන අයට පුළුවන්ද වතු ජනතාව ආරක්ෂා කරන්න. සජිත් ප්‍රේමදාස සියළු ආගම් ආරක්ෂා කරනවා ,

     

    Last modified on ඉරිදා, 10 නොවැම්බර් 2019 19:49

    Latest News