මැතිවරණ නීති උල්ලංඝන පැමිණිලි 535ක්

නොවැ 10, 2019

    ජනාධිපතිවරණයට නාම යෝජනා බාරදුන් දින සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 535ක් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය වෙත ලැබී තිබේ.

    නාඋල නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සහ මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුලත් පුවරු ඉවත් කරන ලෙස පොලිසියට පැමිණිලි කළත් ඒවා ඉවත් නොකිරීම.

    කිරිබත්ගොඩ මහජන සෞඛ්‍ය කාර්යාලය සංවිධාන කළ  ඩෙංගු මර්දන වැඩසටහනට දේශපාලන මුහුණුවරක් ලබාදීමට කැළණිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කිරීම.

    මාතලේ ඡන්ද කොට්ඨාසයේ අලුවිහාරේ ඡන්ද මධ්‍යස්ථානයට අදාළ වන ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්‍ෂ කාර්යාල 3ක් පවත්වාගෙන යාම.

    අම්බලන්තොට මැතිවරණ කොට්ඨාසයේ රිදියගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්‍ෂ කාර්යාලයකට පහර දී විනාශ කිරීම.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් කාල්ටන් නිවසට කැඳවා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය පළකරන ලෙස දේශපාලන රැස්වීමක් පැවැත්වීම.

    පොදුජන පෙරමුණ සංවිධාන කළ රැස්වීමකට කඩුගන්නාව නගර සභාවට අයත් සේවකයන් හා වාහන භාවිත කිරීම.

    නාවලපිටිය ඡන්ද කොට්ඨාසයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිවසට කැඳවා අපේක්‍ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමේ රැස්වීමක් පැවැත්වීම.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නිදහස් තැපෑල උපයෝගි කරගනිමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡන්දය දෙන ලෙස සකස් කළ පත්‍රිකා ගුරුවරුන් හා රජයේ නිලධාරීන්ට තැපෑලෙන් බෙදාහැරීම.

    අවසර ලබාගත් ස්ථානයෙන් බැහැරව බස්නැවතුම්පොළ අවහිරවන ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රැස්වීමක් අම්පාර නගරයේ පැවැත්වීම.

    කටුගස්තොට උඩුමුල්ල ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පිරිසක් සමඟ වයෝවෘද්ධ පුද්ගලයෙකුට පහරදීම ඇතුළු පැමිණිලි ගණනාවක් මෙලෙස මැතිවරණ නිරීක්‍ෂණ ජාලය වෙත ලැබී ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Last modified on ඉරිදා, 10 නොවැම්බර් 2019 20:41

    Latest News