කතානායකගේ ක්‍රියාකලාපය නිසා පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ - අගමැති (වීඩියෝ)

නොවැ 29, 2018
  • ව්‍යවස්ථා විරෝධීව හා නීති විරෝධීව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනා ප්‍රතික්ෂේප කරන බව, ආණ්ඩු පක්ෂය පවසයි.

    කථානායකවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් අදත් පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී නොවීමට ද ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදේ පැවති ආණ්ඩු පක්ෂ හමුවේ දී මේ තීරණයට එළැඹි බවයි මැති ඇමතිවරුන් ප්‍රකාශ කළේ.

    මාධ්‍ය ඇමතු අගමැති මහින්ද රාජපක්ෂ මහතා..

    කතානායකවරයා නීතියට ගරු කරන්නේ නැහැ..එයාගේ අත්තනෝමතික වැඩ පිළිවෙල නිසා අපි තීන්දු කළා පාර්ලිමේන්තුවට සහභාගී වෙන්නේ නැහැ කියලා..කිසි දේකට මග අරින්නේ නැහැ..

    Last modified on බ්‍රහස්පතින්දා, 29 නොවැම්බර් 2018 15:50

    Latest News