ජනපති සමඟ සමීප සාකච්ජාවකට කථානායක සැරසෙයි

නොවැ 29, 2018

    දේශපාලන ගැටළුව විසඳීමට ජනපති සමඟ සමීපව කටයුතු කිරීමටත් සාකච්ජා කිරීමටත් සූදානම් බව කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට මහතා දැනුම් දුන්නේය.

    ඒ අනූව, ඉදිරි දින කිහිපයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවී සාකච්ජා කිරීමට සූදානම් බව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ යෝජනාවට පිළිතුරු දෙමින් කථානායකවරයා කියා සිටියේය.

    විධායක සහ ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් හෝ ගැටුමක් නොමැති බවත් පවතින ගැටලුකාරී තත්වය සෑම විටම සාකච්ජා මට්ටමින් විසඳා ගැනීමට සූදානම් බව ඔහු වැඩිදුරටත් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 නොවැම්බර් 2018 11:40

    Latest News