පකිස්තානු ගුවන් හමුදාපති - අගමැති හමුවෙයි

පෙබ 07, 2020

    පකිස්තානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුඩාහිඩි අන්වර් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ හමුවිය. පස්දින නිල සංචාරයක් සඳහා පකිස්තානු ගුවන් හමුදා ප්‍රධානී මෙරටට පැමිණ ඇත්තේ, ඉකුත් පස්වැනිදා.

    අගමැතිතුමා සහ පකිස්තානු ගුවන් හමුදා ප්‍රධානී අතර හමුව පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. මෙහිදී දෙරටට වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ජා කෙරිණ.

    අනතුරුව පකිස්තානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුඩාහිඩි අන්වර් ඛාන් මහතා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ද ඊයේ හමුවිය. ගුවන් හමුදා මූලස්ථානයට පැමිණි පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී ඇතුළු දූත පිරිස වෙනුවෙන් ගෞරව සම්මාන මුරයක් ද පිරිනැමිණ. හමුව සනිටුහන් කරමින් විශේෂ සමරු තිළිණ හුවමාරුවක් ද මෙහිදී සිදු කෙරිණ.

    Last modified on සිකුරාදා, 07 පෙබරවාරි 2020 08:38

    Latest News