මේ රට විනාශ කරනවට අපි විරුද්ධයි: සුළු පක්‍ෂ සියල්ලේ සහය සජිත් ප්‍රේමදාසට - රිෂාද් බදුර්දීන් (වීඩියෝ)

නොවැ 04, 2019

    සියලු සුළු ජාතික පක්‍ෂ කොන්දේසි විරහිතව සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී ඇති බව, අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා පවසයි.

    වවුනියා ප්‍රදේශයේදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් බදුර්දීන් මහතා මේ බව කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා....

    “තමිල් අරසු කච්චි අද තීන්දුවක් අරගෙන තියෙනවා මේ ඡන්දයේදී කොන්දේසියෙන් විරහිත සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට දෙනවා කියලා. මුස්ලිම් පක්‍ෂවල කිසිම කොන්දේසිවලින් තොරව මේ රට ඇතුළේ සාමය, සහජීවනය ඇති කරන්න කියලා එකම ඉල්ලීම උඩ මුස්ලිම් පක්‍ෂවල් ඒ වගේම සුළු පක්‍ෂ ඔක්කෝම සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දෙනවා. මේ රටට අපි ආදරෙයි. මේ රට විනාශ කරනවට අපි විරුද්ධයි. ත්‍රස්තවාදයට අපි විරුද්ධයි. ඉස්ලාම් නමින් ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වෙච්ච සහරාන් ඇතුළු සියලු දෙනාටම උපරිම දඬුවම දෙන්නැයි“ රිෂාඩ් බදුයුදීන් මහතා පැවසීය.

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 20:32

    Latest News