විශ්වවිද්‍යාල වරම් අහිමිවන සියළු තරුණ තරුණියන් නූගතුන් නොවේ: ඇමති රිෂාඩ්

අගෝ 29, 2019

    විශ්වවිද්‍යා වරම් අහිමිවන සියළු තරුණ තරුණියන් නූගතුන් නොවෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ විභාග වලට පෙනී සිට උසස් අධ්‍යාපනය හැදැරීමට විශ්වවිද්‍යායලයට පිවිසෙන්නේ සීමිත පිරිසක් බවයි ඔහු කියා සිටියේ.

    රුපියල් මිලියන 714ක් වැය කරමින් ගම්පහ, යක්කල, වැරැල්ලවත්ත කාර්මික විද්‍යාලය ඊයේ (28) විවෘත කිරිමේ උත්සවයේදි ඔහු මේ බව පැවසීය.

    අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා.....

    අද ගම්පහ දිස්ත්‍රීක්කයේ ජනතාවට සුවිශේෂී දිනයක්. ශ්‍රී ලාංකීය කාර්මික සහ වෘත්තිය අධ්‍යාපනයේ ජයග්‍රාහී පියවරක් ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට අනාගතයේ උසස් වෘත්තීන් ලබා ගැනීමේ මග පෙන්වන ප්‍රධාන තෝතැන්නක් වනවා බවට පත්වෙනවා‍. ඇමරිකානු ඩොලර් මිලියන 4.64ක්, එනම් ශ්‍රී ලංකා රුපියල් මිලියන 714 ක පමණ මුදල් ප්‍රමාණයක් වැය කරමින් ඉදි කරන ලද මෙම කාර්මික විද්‍යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල ඒ වාගේම ආචාර්යවරුන් සඳහා නිළ නිවාස සංකීර්ණය, ඒ වාගේම අපේ දරු දැරියන් සඳහා කොරියානු තාක්ෂණයෙන් ආරම්භ කරන ලද සියලු තාක්ෂණය සහිත අංග සම්පූර්ණ වැඩහල සිසු අයිතියට පත් මේ මොහොතේ සිට පත්වෙනවා.

    අ.පො.ස. සාමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ විභාග වලට පෙනී ඉඳලා උසස් අධ්‍යාපනය හදාරන්න විශ්වවිද්‍යාලයට යන්නේ ඉතාමත් සීමිත පිරිසක්. ඒ උසස් පෙළ සමත්වන සියලුම දරු දැරියන්ට විශ්වවිද්‍යාල පහසුකම් නොමැති නිසා විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. ඒකෙන් අදහස්වෙන්නේ නැහැ ඔවුන් නූගත් කියලා. එම සියලු විශ්වවිද්‍යාවල වරම් අහිමිවන දරුවන්ගේ විශ්වවිද්‍යා තක්සලාව බවට පත් වන්නේ අප අමාත්‍යංශය යටතේ ඇති වෘත්තීය අධ්‍යාපන ආයතනයන් සියයට අනූවකට වඩා උසස් පෙළ විභාගයට පෙනී හිටි දරුවන්ගේ වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ වගකීම අප සතු වෙනවා. ඒ සදහා විද්‍යාත්මක, තාක්ෂේණික ක්‍රමවේදයන් ඔස්සේ දරුවන්ට වෘත්තීය දැනුම කුසලතාවය ලබා දෙනවා. එම දරුවන් සමාජයෙන් කොන්විමට අපි ඉඩ තබන්නේ නැහැ.

    ඔබ වෙනුවෙන් විශේෂිත පාඨමාලා 08ක් අළුතින් ආරම්භ කර තිබෙනවා. අප අමාත්‍යංශය යටතේ ඇති ආයතන 11ක් මඟින් වෘත්තීය නිපුණතා පාඨමාලා 400 කට වැඩි ප්‍රමාණයක් හඳුන්වාදී තිබෙනවා. කාර්මික විද්‍යාල වලින් පමණක් පාඨමාලා හදාරන පිරිස වසරකට 35000කට වැඩි. මෙම පාඨමාලා සාර්ථකව නිමකර සහතිකපත් ලබා ගන්නා දරු දැරියන්ට ඍජුවම දේශීය සහ විදේශීය රැකියා සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව හිමි වෙනවා.

    අද උදේත් මමත් මගේ අමාත්‍යංශයේ ලේකම්තුමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුනා. එහිදි අපි සාකච්ඡා කළා ඉදිරියේදී දිවයින තුල මේ වගේ මධ්‍යස්තාන 10ක් ඉදි කිරීමට යැයි ඔහු කියා සිටියේය.

    rishardtec1 px 900 19

    Latest News