කිසිදු ත්‍රස්තවාදයකට සම්බන්ධ නැහෑ.... ඕනෑම පරික්ෂණයකට මුහුණ දෙන්න සූදානම් (වීඩියෝ)

මැයි 11, 2019

    කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට තමා සම්බන්ධ නොමැති බවත්, අවශ්‍ය නම් ඒ පිලිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසත්, අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතා පවසයි.

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට වත්මන් තත්වය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයට ඊයේ පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 

    අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් “පසුගිය දින කිහිපයේ විවිධ පුද්ගලයින් විවිධ ආකාරයේ චෝදනා මට එල්ල කළා. මම පසුගියදා රාජකාරී කටයුක්තක් සඳහා ඕමානයට ගිය අවස්ථාවේ දී මට චෝදනා කෙරුවා මම රටින් පැන ගියා කියලා.

    නමුත්, මේ රටේ ජනමාධ්‍ය සහ පුද්ගලයින් කිසිවක් සොයා බලා නිවැරදිව අවබෝධයකින් නොවෙයි මට චෝදනා කළේ. මම ඇමතිවරුන් පිරිසක් සමඟ සාකච්ජා කළේ ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනාවක ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන ඒම ගැනයි. කොයිතරම් දරුණු අන්දමින් මට මේ චෝදනාව කළාද කියතොත් මට ත්‍රස්තවාදයට සම්බන්ධ කරන චෝදනා වගේ තමයි රටෙන් පැය ගියා කියා නඟන චෝදනාවත්. පදනමක් නැහැ සනාථ කරන්න තොරතුරු නැහැ. ඒ සියලු චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා.

    ඒ වගේම මගේ ව්‍යාපාර ගැනත් වත්කම් ගැනත් විවිධ චෝදනා ඉදිරිපත් කරනවා. නමුත් මම දේශපාලනයට පිවිසි දා පටන් මගේ සියලු වත්කම් ප්‍රකාශ මම ලබාදී තිබෙනවා. ඕනෑම කෙනෙකුට ඒවා පරීක්‍ෂා කරන්න පුලුවන්. ඒ වගේම ඕනෑම පරීක්‍ෂණයකට මම මුහුණ දෙන්න සූදානම්. ඒ නිසා වහාම තේරීම් කාරක සභාවක් පත්කර ඒ ගැන සොයා බලන්න කියලා මම කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.

     

    Last modified on සෙනසුරාදා, 11 මැයි 2019 23:30

    Latest News