ඇමති රිෂාඩ් - රට වෙනුවෙන් කැපවෙන අපේක්ෂකයාට අපේ සහය

අගෝ 29, 2019

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර නැති බවත්, ජනාධිපතිවරණ අපේක්ෂකයින් සියලුදෙනා නම් කිරීමෙන් පසු තම පක්ෂයේ සහය ලබාදීම ගැන තීරණය කරන බව සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ගම්පහ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් පක්ෂ දෙකකින් නම් කර ඇති බවත් එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් නම් කර නැති බවත් අමාත්‍යවරය මෙහිදී පැවසීය. එමෙන්ම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර නැති බවත් නාමයෝජනා භාරගැනීම තවමත් ආරම්භ කර නැති බවත් ‍අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පෙන්වා දුනී.

    තම පක්ෂය වෙනම පක්ෂයක් බවත් ඔහු එහිදි කියා සිටියේය. අපේක්ෂකයෙකුට සහයදිමේ දි රටේ ආරක්ෂාව, ආර්ථික ක්‍රමය, සංස්කෘතිය යන කාරණ මෙන්ම රටේ සංචාරක කාර්මාන්තය ගැන හිතන ආකාරයත් සැලකිය යුත් බව ඔහු කියා සිටියේය. නාමයෝජනා භාර ගැනීම ආරම්භ කළ පසු ජනාධිපතිවරණය සඳහා සහය ලබාදෙන අපේක්ෂකයා තම පක්ෂයේ සාමජිකයින් සමඟ සාකච්ඡා කර තීරණය කරන බව ඔහු පවසීය.

    මේ අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ රට වෙනුවෙන් කැප වෙන අපේක්ෂකයෙකු සඳහා තම පක්ෂයේ සහය ලබා දෙන බවයි.

    Latest News